දකුණු අප්‍රිකානු ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකුට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආබාධවලට ලක් වීම හේතුවෙන් අන්රික් නොකියාට හා සිසන්ඩා මාගලාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවයි.
ඔවුන් දෙදෙනා වෙනුවට ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ලිසාද් විලියම්ස් ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමට ද එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
නොකියා පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වුණේ ඕස්ටේරලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි.
ඕස්ටේරලියාවට එරෙහි තෙවැනි එක්දින තරගය පමණක් ක්‍රීඩා කළ සිසන්ඩා මාගලාගේ වම් දණහිසෙහි ආබාධයක් සිදුව තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
- අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවේ
- පිහිනුම් තටාගයේ ගිලි දරැවෙකු මිය යාම සම්බන්ධයෙන් 7 දෙනෙකු අත්අඩංගුවට
- කොළඹ වරාය වාර්තාගත ලෙස ආදායම් උපයයි
- 2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
- කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය තරගය අද
- අලි ඇතුන් සදහා සුදුසු පරිසරයක් සකස් කිරීමේ ක්‍රියාදාමය අද සිට
- දරුවෙක් පිහිනුම් තටාකයේ වැටී මියයාම ගැන පුළුල් පරීක්ෂණ