දකුණු අප්රිකානු ෆ්රැන්චයිස් ලීගයක් වන එස්. ඒ ටුවෙන්ටි තරගාවලියට ක්රීඩා කිරීම සඳහා ශ්රී ලංකා වේග පන්දු යැවීමේ ක්රීඩක නුවන් තුෂාරව එම්. අයි. කේප්ටවුන් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.
මෙම කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් හිමිකාරීත්වය යටතේ එස්. ඒ ටුවෙන්ටි ලීග් තරගාවලිය සදහා ක්රීඩා කරනු ලබනවා.
කෙසේ වෙතත් මේ දිනවල ක්රියාත්මක වන සිම්බාබ්වේ තරගාවලිය සහ ඉන් අනතුරුව ආරම්භ වන ඇෆ්ගනිස්තාන තරගාවලිය හේතුවෙන් නුවන් තුෂාරට තරගාවලියේ තරග කීපයක් මග හැරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එස්. ඒ ටුවෙන්ටි තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය පෙබරවාරි මස 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.