සීගිරිය, ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ කම්කරුවන් රැඳී සිටි වාඩියක ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ වැඩ පාලකවරයෙකු ලෙස සේවය කළ පොල්පිතිගම මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.
මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.