ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජූලි 28 වනදා මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි.
මෙහිදි දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතයි.
එමෙන්ම මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද සැලසුම් කර තිබෙනවා.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගිවීමට නියමිතයි.