අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීම හේතුවෙන්,
වැඩතහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
ජනාධිපති පොදුසමාව අනීතික ලෙස භාවිතා කර රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන වැඩතහනමට ලක්වුණා.
ඊයේ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.