තුර්කියේ භූ කම්පනය හේතුවෙන් විපතට පත්ව සිටින තුර්කි වැසියන්ට සහන සැපයීම ඉන්දියාව කඩිනම් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව මේ වන විටත් තුර්කියේ අදානා නුවර මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ .
අන්කාරා අගනුවර පිහිටි තුර්කියේ ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙමින් භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශවල සහන මෙහෙයුම් සදහා ඉන්දියාව සිය සහය ලබා දෙමින් සිටිනවා.
ආපදාකාරී තත්ත්වය හමුවේ සහය ඉල්ලා තුර්කියෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූ බවත්, ඉන් පැය 12 ක් ඇතුළත තුර්කියට සහන සේවා සැපයීමට පියවර ගත් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.