වැඩ බලන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර නිල සංචාරයක් සඳහා මෙරට පැමිණ ඇති තුර්කි නාවික හමුදාවට අයත් යාත්‍රාවේ ඊයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වුණා.
මෙම අවස්ථාවට එක්වූ තුර්කි තානාපතිවරයා කියා සිටියේ කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පැසසුමට ලක්කරන බවයි.
දෙරට අතර ශක්තිමත් ද්වීපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද මෙහි දී අවධාරණය කෙරුණා.
එහිදි රැස්ව සිටි පිරිස ඇමතූ වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ මේ හරහා ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ආරක්ෂක හවුල්කාරීත්වය යළි තහවුරු කරන බවයි.