තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවුණා.
මෙම හමුවේදී දෙරටේ අධ්‍යාපනය, ගෝලීය වෙළඳාම, සැපයුම්, බලශක්ති, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම දෙරට අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට තුර්කි රජය කැප වන බවයි තුර්කි ජාතික අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.
සාමය සහ මානව ගුණධර්ම ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය ද මෙම හමුවේදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.