තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ.
තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා වුනේ.
තුර්කිය හරහා හමා යන පැයට කිලෝමීටර 80 ක තද සුළං හේතුවෙන් මෙම ලැව් ගිනි ව්‍යාප්තිය ඉහළ යන බවයි තුර්කි කාළගුණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
ලැව් ගිනි හේතුවෙන් ඉස්මීර් සහ සෙස්මේ අතර අදිවේගී මාර්ගද මේ වන විට වසා දමා තිබෙනවා.
ලැව් ගිනි පාලනය සදහා හෙළිකොප්ටර් යානා 22 ක් සහ ගිනි නිවන රථ 1,100 ක්ද යොදවා ඇති බව තුර්කි මාද්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













