ශ්‍රී ලංකාවේ ‘ තුන් හෙළ ජන ගී කල්ලිය” , තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජන සංගීත සහ ජන නර්තන තරගාවලියේ දී , සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගෙන 11/20 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය තායිලන්තයේ දී ඉකුත් 11/13 සිට 11/18 දින දක්වා ලෝකයේ රටවල් 11 ක , කණ්ඩායම් 15 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
අන්තර්ජාතික ” ලොයි කර්තොන්ග් ” නමින් මෙම තරගාවලිය තායිලන්තයේ හැදින්වෙන අතර , එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ තුන් හෙළ ජන ගී කල්ලිය , හොදම ප්රසාංගික කණ්ඩායම , හොදම දේශීය ඇදුම් නිර්මාණය සහ තරගාවලියේ වීරයා යන සම්මාන වලින් පිදුම් ලබා තිබුණි .
තුන් හෙළ ජන ගී කල්ලිය සාමාජිකයන් 43 දෙනෙකුගෙන් සමන්විත වන අතර , ඔවුන්ගේ නර්තන , ගායනා සහ බෙර වාදන පිළිබඳ දක්ෂතා , මේ තරගාවලිය පුරා අන්තර්ජාතික වශයෙන් ඇගැයීමට ලක් වූ බව මෙම කණ්ඩායමේ නායක පසිදු පහළමැදගම මහතා පැවසීය .
මෙම පිරිස 11/20 දින මධ්‍යම රාත්‍රී 11.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .