එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22 ක තියුණු ජයක් ලබා ගැනීමට එංගලන්තය කණ්ඩායම ඊයේ සමත් වුණා. තුන්වැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය ඊයේ ආරම්භ කල අවස්ථාවේදී ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුළු 4 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් තවත් කඩුළු 5 ක් ලකුණු 105 ක් තුළ දවා ගැනීමට සමත් වුණා. වොෂින්ටන් සුන්දර් ලකුණු නොලබා දැවී ගිය අතර නිතිෂ් කුමාර් ලකුණු 13 කටත්, ජස්ප්‍රිත් බුම්රා ලකුණු 5 කටත් දැවී ගියේ ඉන්දීය කණ්ඩායම පරාජයක් අභියසට ඇද දමමින් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් හුදෙකලා සටනක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා මෙම තරගයේදී අර්ධ ශතකයක් රැස් කළේ ඉන්දීය පිලට ජයග්‍රහණයේ අපේක්ෂාවන් එක් කරමින්. මේ අතර තේ පානය සඳහා තරගය නතර කළ අවස්ථාවේදී ඉන්දිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 30 ක් අවශ්‍යව තිබූ අතර අතැතිව තිබුණේ එක් කඩුල්ලක් පමණි. මේ අනුව තේ පානයෙන් අනතුරුව අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ් දැවී යාමත් සමග එංගලන්ත පිල මෙම තරගයේදී ලකුණු 22 ක තියුණු ජයක් වාර්තා කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














