ව්‍යාපාරිකා තිළිණ ප්‍රියමාලිට වරෙන්තු නිකුත් කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කර තිබෙනවා.
ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවකට අද(12) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන්.
හෝමාගම දිසා අධිකරණයෙහි සිතාසි සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා වන අරුණ ප්‍රේමශාන්ත යන අයට අධිකරණය ඉදිරිපිටදී බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද(12) දින විභාග වූ අතර එම නඩුව සඳහා විත්තිකාර තිළිණි ප්‍රියමාලි පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විත්තිකාරි තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නඩු විභාගය සඳහා කිසිදු නීතිඥයෙකු හෝ ඉදිරිපත්ව සිට නොමැති බවද වාර්තා වනවා.
නඩුව ලබන ජුනි මස 15 වන දින නැවත නඩු විභාගය සිදු කිරීමට නියමිතයි.













