සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ ජයසේකර නොහොත් කොස්ගොඩ චූටිට අයත් බවට සැක කෙරෙන අවි ආයුධ තොගයක් තිස්සමහාරාම සාම ගුලිය ප්‍රදේශයේ හේනක සඟවා තිබියදී සොයාගෙන තිබෙබ්නවා.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් හා පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින් එක්ව කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි මෙම අවි ආයුධ තොගය සොයාගෙන තිබෙන්නේ.
ඒ අතර ටී 56 උන්ඩ 11ක් එම්.16 වර්ගයේ උන්ඩ 03 ක් එම්.පී.එම්.ජී වර්ගයේ උණ්ඩ 03 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්ස පුර පදිංචි 37 වැනි වියේ පසුවන පුද්ගලයෙක්
ඔහු කොස්ගොඩ චූටිගේ සමීපතමයෙකු බවයි පොලිසිය සදහන් කලේ