ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
ඒ, තිස්සකුට්ටිආරච්චි මෑත කාලීනව සිදු කළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන්.
මින් පක්ෂයට බලපෑම් එල්ල වන බවයි ඔවුන් සදහන් කරන්නේ.
හෙට දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතාට පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බවද සදහන්.