
තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය අද ආරම්භ කෙරෙනවා. ඒ රටේ අපනයන ආදායම ඉහළ නැංවීම, නව රැකියා උත්පාදනය සහ ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම අරමුණු කරගනිමින්. මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන සමාරම්භක උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකඳුර ප්‍රදේශයේදී පැවැත්වෙනවා. මේ යටතේ අද තැඹිලි ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට නියමිතයි. ලෝක පොල් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ සංවර්ධනය, ඵලදායිතාව සහ අපනයන හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. සිලෝන් කිංග් කොකනට් විලේජස් , යනුවෙන් නම් කර ඇති මෙම ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට නියමිතයි.














