ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරාගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී පැවැත්වුණා .
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් .
2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවාගැනීම් සිදුකර නොමැති අතර ඒ හේතුවෙන් පසුගිය වර්ෂය අවසානය වන විට තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයක පුරප්පාඩු 1 982 ක් පැවතියා.
එවන් පුරප්පාඩු සංඛ්‍යාවක් සමඟ දෙපාර්තුමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාම දැඩි අර්බුධකාරී තත්වයක් මතු ව තිබුණා.
ඊට විසඳුමක් ලෙස අදාල පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000 ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් 731 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරාගනු ලැබුවා .
තවත් තැපැල් සහයකයන් 269 දෙනෙකු ඉදිරියේ දී බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.
මෙම තැපැල් සහයකයන් ඇතුලත් වන්නේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ තුන්වන ශ්‍රේණියටයි.
තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණය සඳහා මෙම වර්ෂයේ රුපියල් මිලියන 2085 ක මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සදහන් කළා.
තැපැල් සේවය විධිමත් කිරීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා පැවසුවේ.