තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් විශ්වාසදායී සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ගලේවෙල ප්‍රදේශයේදී පවතී උත්සවයකට එක් වෙමින්.
වසර පනහකටත් අධික පැරණී ගලේවෙල නගරයේ පැවතී තැපැල් කාර්යාලයේ අබලන් ගොඩනැගිලි ඉවත්කොට පසුගිය අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 14 පමණ මුදලක් වැය කරමින් වත්මන් රජයේ පළමු තැපැල් කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වුණා .
ඒ අනුව ගලේවෙල නගර මධ්‍යයේ ඉදිවන අදාළ ගොඩනැඟිල්ල සඳහා මුල් ගල තැබීම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය නලින්ද ජයසිස්ස මහතාගේ සුරතින් සිදු වුණා.
මෙම උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා අසදහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ අඩුපාඩුකම් මේ වෙන විට සපයමින් සිටින බවයි.
බොහෝ කාලයක පටන් තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබමින් පැවතියද ඉදිරියේදී එය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.