Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි

    තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යයි

    2023-02-14කියවීමට මිනිත්තු 3ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට පෙර විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා.

    පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් මෙම මෝසම ගොනු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    මෙම පෙත්සම පසුගිය සිකුරාදා එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලු අතර එහි වැඩිදුර සලකා බැලීම ලබන 23 වන දා තෙක් කල් දැමුණා.

    කෙසේ වෙතත් තැපැල් ඡන්ද විමසීම ලබන 22 වන දා පැවැත්වීමට නියමිත බැවින් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 17, 20 හෝ 21 යන දිනවලින් එක් දිනයක් නියම කරන ලෙසයි අදාළ මෝසමෙන් ඉල්ලා ඇත්තේ.

    වර්තමානයේ රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා විසින්.

    කෙසේ වෙතත් 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොර ව කල් යන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා.

    එළැඹෙන 22,23 හා 24 යන දිනවල දී පැවැත්වීමට නියමිත ව තිබූ තැපැල් ඡන්ද විමසීමයි මෙසේ කල් යැවෙන බව වාර්තා කර ඇත්තේ.

    මේ අතර, මැතිවරණ පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙස්සම විභාගයට ගැනීම එළැඹෙන 23 වැනි දාට නියම වී තිබුණත් මෝසමක් මාර්ගයෙන් පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටියේ,

    තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියම කර තිබූ දිනයට පෙර පෙස්සම් විභාගය කැඳවන ලෙස යි.

    කෙසේ වෙතත් මාර්තු මස 9 වැනි දා පැවැත්වීමට නියමිත ව ඇති පළාත් පාලන මැතිවරණය පවත්වනවා ද නො පවත්වනවා ද පිළිබඳ තීරණයක් මැතිවරණ කොමිසම විසින් මෙතෙක් තීරණය කර නැහැ .

    ආශ්‍රීත පුවත්:  පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්පුර්ණ කිරීමට අවස්ථාව

    මේ අතර පවතින තත්ත්වය හමුවේ මේ මොහොතේ මැතිවරණයකට මුදල් වෙන්කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තමන්ට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ඒ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට කොළඹදී එක්වෙමින්.

    මුදල් ලබා දෙන්නේ නම් පමණක් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමට ඊයේ දැනුම් දී තිබුණා.

    මේ අතර තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම අද දින ප්‍රකාශයට පත් කළා.

    කෙසේ වෙතත් එය කුමන්ත්‍රණකාරි ක්‍රියාවක් බවයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MAJULA-GAJANAYAKA-EDIT-1-1.mp3

    මේ අතර පවත්නා මුදල් අර්බුදය සම්බන්ධයෙන් සහ පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත් වුණා.

    ඒ සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ අර්බුදයක් පවතින බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/SAGARA-KARIYAWASAM-EDIT-1-1.mp3

    මේ එම සාකච්ඡාවට එක් වූ අනෙකුත් දේශපාලන පක්ෂ සාමාජිකයින්.

    http://vnews.lk/wp-content/uploads/2023/02/PAKSHA-LEKAM-EDIT-.mp3

    මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NALIN-BANDARA-EDIT-1-1.mp3

    මේ දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂව දැක්වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MIX-EDIT-1-8.mp3
    Election Commission
    පෙර පුව​තමැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group