පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ වනවා.
මැතිවරණ කොමිසම පැවසුවේ, නොවැම්බර් මස පළමු වැනිදා සහ 4 වනදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.