තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඕනෑම පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රය අලුත් කිරිම සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනිමෙන් පසුව තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගත හැකියි.
මහජනතාව දිගුපෝලිම්වල පැය ගනන් රැදි සිටිම, තැරැව්කරුවන්ට හසුවීම වැනි කාරනා පදනම් කරගෙන තාවකාලික රියදුරු බලපත්‍රය නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරිමට තීරණය කළ එම ආයතනය සඳහන් කරනවා.
කෙසේ වෙතත් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නව රියදුරු බලපත්‍ර ලබාගැනීමේ සේවාව තවදුරටත් ආරම්භ කර නොමැති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් පැතුම් හේවගේ මහතා වී නිව්ස් වෙත සදහන් කලේ .