තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වනවා.
මෙම මලල ක්‍රීඩා තරගාවලිය හෙට සහ අනිද්දා යන දෙදින තුළ තායිවනයේදී පවත්වනු ලබනවා.
මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමෝද් යෝධසිංහ, ලෙසඳු අර්ථවිදු සහ නදීශා ලේකම්ගේගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වනවා.
මීට පෙර මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු යන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ නම් ඉදිරිපත් වී තිබුණද ආබාධ සහ අසනීප තත්ත්ව හේතුවෙන් ඔවුන් මෙම තරගාවලිය සදහා සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි සදහන් වන්නේ.