තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පවසනවා.
කෙසේවෙතත් භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා කර නැහැ.