සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා පිරිමි පුද්ගලයෙක් සහ විදෙස් ජාතික කාන්තාවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඊයේ(19) රාත්‍රී සිදු වැටලීමක් සිදු කර ඇති බවයි.
එහිදී සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා ගණිකා සේවය සැපයීමට සිටි විදේශ ජාතික කාන්තාවක් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 58ක් වන ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකාරියන් වයස අවුරුදු 25ත් 41ත් අතර වයස්වල පසුවන තායිලන්ත ජාතික කාන්තාවන් වනවා.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













