ගෝලීය වශයෙන් සිදුවු තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම තාක්ෂණික බිදවැටීම හමුවේ ශ්රී ලංකන් ගුවන් සේවයේ අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපෑමක් සිදුවු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ වන විට අදාළ තාක්ෂණික දෝෂය සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ශ්රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.
මේ අතර අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගයක හටගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට බලපෑමක් සිදුව ඇත්ද යන්න සෙවීම සදහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැදවා තිබෙනවා.