හොරණ ගෝනපොල කෝරලඉම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගියා.
ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්කළ කාන්තාව ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයා තවත් අයෙකු සමග පාර මාරුවන අවස්ථාවේදී අධිකවේගයෙන් පැමිණි ත්‍රීරෝද රථය ගැටී තිබෙනවා.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.මගීන් නංවාගැනීම සදහා බස් රථයක් නතර කර තබියදී පිටිපසින් පැමිණි ලොරි රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
ඉංගිරිය නගරයේ වෙළදසැලකින් කිරිපිටි සොරකම් කිරීම පිළිබද පරික්ෂණ ඉංගිරිය පොලීසිය ක්‍රියාත්මක කරනවා.
මෙම සොරකම සිදු කරන ආකාරය සීසීටීවී කැමරාවල ද සටහන් වී තිබෙනවා.