ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 22 වැනිදා සිට මැයි මස 30 වැනිදා දක්වා වූකාලය තුළ සිදු කළ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා. මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළුන් අතර යුද හමුදාවේ 2,261 ක්, නාවික හමුදාවේ 194 ක්, ගුවන් හමුදාවේ 198 ක් සිටිනවා. මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද එළෙස පලා ගිය සෙබළුන් සහ නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.