ත්‍රීරෝද හතරක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම අළු වී ඇති බව පොලිසිය පවසනවා.
දෙමටගොඩ පොලිසිය කියා සිටියේ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ හතරක් මෙලෙස ගිනිගෙන සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බවයි.
ගින්නෙන් ආසන්නයේ තිබූ වෑන් රථයකටද හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් නොමැති බවද වාර්තා වනවා.
එක් ත්‍රීරෝද රථයක් ගිනි ගැනීමෙන් අනතුරුව අනෙක් ත්‍රිරෝද රථවලටද ගින්න පැතිරී ගොස් ඇති බව CCTV කැමරා දර්ශනවලින් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.