ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදිය පැදවූ වයස අවුරුදු 17 ළමයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට රුපියල් 10,000ක අල්ලසක් වශයෙන් ඉල්ලීම හේත=වෙන්.
ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව අල්ලස් කොමිසමට දැනුම්දීමෙන් පසුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන මස 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.