තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ. රට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. මේ අතර තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් පවතින නීති තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාද පෙන්වා දී තිබෙනවා.