ආනයනය තහනම් කර ඇති කෘෂි රාසායනික ද්‍රව්‍ය තොගයක් මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු දිවුලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී ආනයනය තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු පැකට් 2000ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 60 සහ 37 යන වයස්වල පසුවන නාත්තන්ඩිය හා මන්නාරම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.