ඊශ්‍රායල් රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක රැකියා වැඩසටහනක් යටතේ තවත් ලාංකිකයන් පිරිසක් එළැඹෙන 7 සහ 9 යන දෙදින ඊශ්‍රායලය බලා පිටිත්වීමට නියමිතව සිටිනවා.
ගෘහ සාත්තු සේවක අංශයේ රැකියා සඳහා මෙලෙස ලාංකික කාන්තාවන් 29 දෙනෙක් පිටත්ව යාමට නියමිත බවයි විදේශ රැකියා කාර්යාංශය පවසන්නේ.
ඒ අනුව තෝරාගත් කාන්තාවන් සඳහා ගුවන් ටිකට් පත් නිල වශයෙන් භාරදීම ජුනි 04 වැනිදා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේදී සිදු කර තිබෙනවා.
සාත්තු සේවය සඳහා 2025 වසරේදී මේ දක්වා 379 දෙනෙක් රැකියා අවස්ථා ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල් රජයන් අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් යටතේ මෙම රැකියා ලැබී තිබෙනවා.
එමගින් ඊශ්‍රායලයේ ගෘහ රැකවරණ අංශයේ පුහුණුවලත් ශ්‍රී ලාංකික සාත්තු සේවකයන් සඳහා රැකියා පහසුකම් සපයනවා.