අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම්වල දී පුද්ගලයින් 28,784 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 678 ක්.
16 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් අයයි.
වරෙන්තුකරුවන් 278 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 169 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 24 ක්.
අපරික්ෂාකාරීව රිය පැදවූ 15 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.













