මියගිය වන අලි සිරුරු දෙකක් හමුව තිබෙනවා.
කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබී මෙම වන අලි සිරුරු දෙක හමුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වන අලින් දෙදෙනාද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි කහටගස්දිගිලිය පොලිසිය පවසන්නේ.
මියගොස් ඇති වන අලි දෙදනාගෙන් එක් අලියෙක් වයස අවුරුදු අටක්ද අනෙක් අලියා අවුරුදු හතරක්ද වන බවයි වාර්තා වන්නේ.
අවුරුදු 8ක් වයසැති අලියා ගැහැනු සතෙක් බවද වාර්තාවනවා.
ගැහැනු සතා දින පහළොවකට පෙරත් පිරිමි සතා මාස එක හමාරකටත් පෙරදී මියගොස් ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.
වන අලි සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලවැව වනජීවි පශූ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කර තිබෙනවා.