බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල පළමු රැස්වීම පැවැත්වීම සහ බහුතර බලය හිමි නොවූ ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීම සිදු කෙරුණා.
කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව අද පළමුවරට රැස්වුණා.
ඒ වයඹ පළාත් කොමසාරිස් සංජීවනී හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
එහිදී සභාපති තෝරාපත් කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වුණා.
ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එතෙක් ප්‍රකාශ කළ ඡන්දය අවලංගු කර යළි ඡන්දයක් පැවැත්වීම සිදු කෙරුණා.
එහිදී ජාතික ජනබලවේගයේ ආනන්ද පණ්ඩිතරත්නය සභාපතිධුරය සඳහා තේරීපත් වුණා.
ඒ ඡන්ද 09 ක් ලබාගනිමින්.
මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ කටයුතු සාර්ථකව ආරම්භ වූ අතර එහි සභාපතිධුරය හිමිවූයේ ජාතික ජනබලවේගයටයි.
සභාපති තෙරීමේ ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයට ඡන්ද 16 ක් හිමි වූ අතර, සමගි ජනබලවේගයට හිමිවූයේ ඡන්ද 11 ක් පමණයි.
06 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.
ඒ අනුව ජාතික ජනබලවේගයේ රවිදු ප්‍රභාත් උස්වැටකෙයියාව සභාපති ලෙස සහ උපසභාපති ලෙස ගාමිණී පියල් වීරසේකර යන මහත්වරුන් තේරීපත් වුණා.
ජාඇල ප්‍රාදේශීය සභාවේ පළමු රැස්වීම ජාතික ජනබලවේගයෙන් තේරීපත් වුණු සභාපති ප්‍රසාද් නිරෝෂන් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ජාඇල ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජනබලයේගයට හැකි වුණා.