නව ගාසා සටන් විරාම ගිවිසුමක් යටතේ තවත් ඊශ්‍රායලීය ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, සාකච්ඡාවලින් පසුව, දින 60ක සටන් විරාමයක් සහ ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් නව දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී ඇති බවයි විදෙස් වාර්තාවල සදහන් වන්නේ.
එමෙන්ම, නව සාම ගිවිසුම මගින් දිනකට ආධාර ට්‍රක් රථ 400 කට ගාසා තීරයට ඇතුළුවීමට සහ එයින් රෝගීන් ඉවත් කිරීමට ද ඉඩ සැලසෙන බවටද යෝජනා වී තිබෙනවා .
කෙසේ වෙතත්, යෝජිත මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායලය විසින් තවමත් කිසිඳු ප්‍රතිචාරයක් ලබා දී නැහැ.