අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මියගොස් තවත් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් අතර පාසල් සිසුන්ද වන බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ පිරිස් මේ වන විට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමු කරමින් පවතින් බවත් කිහිප දෙනෛකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව දක්වා ධාවනය වූ බස් රථයක් බවටයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 40කට අධික පිරිසක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.













