තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තවලවාකැලේ – ලිඳුල නගර සභාවට අයත් අංක 12 ගව මස් කඩ කාමරය බදුදීමට අදාළව ලංසු පිරිනැමීමේදී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබානොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසු පිරිනැමීමෙන් රජයට රුපියල් 2,380,000ක මුදලක් පාඩු කළ බවට වූ චෝදනාවටයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු සභාපතිවරයා අද(02) දිනයේදී අත්අඩංගුවට ගැනුණු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.