තලවතුගොඩ, මාදිවෙල ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පෙරේදා (04 දා) රාත්‍රී වැටලූ මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සුරූපී තරුණියන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෝගහවත්ත මහත්මිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර තිබෙන අතර අත්අඩංගුවට ගත් පිරිස අතර එම ගණිකා නිවාසයේ කළමනාකරු, එහි සහායකයන් දෙදෙනකු හා ගණිකා ඇසුර පතා පැමිණි තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් කතුන් අනුරාධපුර හා හොරණ පදිංචි අවුරුදු 20 හා 21 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය කියයි. කළමනාකරු ඇතුළු අනෙක් සැකකරුවන් පාදුක්ක, ඇරව්වල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25ත් 50ත් අතර වයසේ පසුවන්නන් බව ද පොලිසිය සදහන් කලා.
අදාළ තරුණියන් කොළඹ රැකියා කරන බව නිවෙස්වලට පවසා ගණිකා වෘත්තියේ නියැලී ඇතැයි හෙළි වූ බව ද සුපිරි පැලැන්තියේ පුද්ගලයන් මෙම ගණිකා නිවාසයට පැමිණ ඇතැයි හෙළි වූ බවද පොලිසිය පවසනවා