තලවකැලේ ප්රකදේශීය ලේකම් කාර්යාලයට භෞතික සම්පත් ලබා දෙන ලෙස බල කරමින් එම කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරින් සහ සේවකයින් පිරිසක් අද (26) දින උද්ගෝෂණයක නිරත වූවා.
තලවකැලේ ලිදුල නගර සභාවට අයත් සේවා පියස දෙමහල් ගොඩනැගිල්ලක 2020 වසරේ එම ප්රාලදේශීය ලේකම් කාර්යාලය ස්ථාපනය කල අතර, එම ප්රාකදේශීය ලේකම් කාර්යාලය යටතේ තලවකැලේ ලිදුල නගර සභා බල ප්ර දේශය, දිඹුල ගම්සභා කොරලයේ බල ප්රලදේශයේ සහ කොටගල ආගරපතන යන ප්රාාදේශීය සභා බල ප්ර2දේශවලට අයත් එක්ලක්ෂ තිසදහසක පමණ පදිංචිකරුවන්ට මෙම ප්රාාදේශීය ලේකම් කාර්යාලය මගින් සේවාවවන් සපයනු ලබනවා.
මෙම උද්ඝෝෂණය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් සංවිධානය කර තිබූ අතර එහි සාමාජික ධම්මික මුණුසිංහ මහතා කියා සිටියේ මෙම ප්රාකදේශීය ලේකම් කාර්යාලය තුල නිළධාරින් සහ සේවකයින් 150 දෙනෙකු පමණ සෙවය කරන බවත්, ඒ සදහා ප්රානදේශීය ලේකම් කාර්යාලය තුල පවතින ඉඩ ප්රපමාණවත් නොවන බවත්, ඒ හා සමානව ප්රානදේශිය ලේකම් කාර්යාලය තුල භෞතික සම්පත් නොමැති වීම හමුවේ එම කාර්යාලය තුල සේවය කරන නිළධාරින්ට සහ සේවකයින්ට තම සේවාලාභීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට නොහැකි වි ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රාජ්ය පරිපාලන අමාත්යාංාශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුලු වගකිය යුතු නිළධාරින් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූවද ඒ සදහා මෙතෙක් කිසිදු විසදුමක් ලැබී නොමැති බවද කියා සිටියා.
ප්රාහදේශීය ලේකම් කාර්යාලය අසලින් උද්ඝෝෂණය ආරම්භ කර තලවකැලේ නගර මධ්යහට පැමිණ උද්ඝෝෂණය කිරිමේදි හැටන් නුවරඑලිය ප්රරධාන මාර්ගය අවහිර වීම නිසා තලවකැලේ පොලිස් නිළධාරින් සහ උද්ගෝෂකයින් අතර දැඩි උනුසුම් තත්වයක් ඇති වූවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්රිික් සම්බන්ධීකරන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්රිනක් ජාතික ජන බලවේගයේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ ඉල්ලීම් ලබාගැනීමට උද්ඝෝෂණය කිරිමේ අයිතිය වෘත්තීය සමිතිවලට ඇති බවත්, තලවකැලේ ප්රාදදේශිය ලේකම් කාර්යාලයේ ඉඩ ප්රතමාණවත් නොවීම සහ හෞතික සම්පත් නොමැතිවීමේ ගැටලුව සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්රිහක් සංවර්ධන කමිටුවේ සාකච්ඡා කළ බවත්, එයට විසදුම් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු වී ඇති බවත් කියා සිටියා.