ඊයේ ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා.
අතුරුදන් වූ තරුණයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමග වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
අතරුදන් වූ තරුණයා වයස අවුරුදු 19 ක් වූ රංසෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අතුරුදන් වූ තරුණයා සොයා හිරිකැටිය පොලිස් ස්ථානයට අනුයුක්ත ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් දියත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












