කල්පිටිය ප්‍රදේශයේ කන්දකුඩාව අතුරු මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිවසක වැටක ගැටී ඊයේ (18) සිදු වූ අනතුරකින් වයස අවුරුදු 20ක් වූ තලවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම යතුරු පැදිකරු බරපතල තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර මොහුගේ මෘත ශරීරය කල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද සඳහන්.