මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතුරින් වැඩි පිරිසක් වයස අවුරුදු 22 ත් 26 ත් අතර පසුවන්නන් බවට අනාවරණය වී තිබෙනවා.
මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
2025 වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලයේදී පමණක් පුද්ගලයන් හතළිස් එක්දහසකට වැඩි පිරිසක් මේ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කලා.