තඹුත්තේගම මූලික රෝහල සඳහා මහල් හයකින් යුත් හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිිකරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
තඹුත්තේගම මූලික රෝහල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත ් ශ්‍රේණියේ එකම මූලික රෝහලයි.
තඹුත්තේගම මූලික රෝහලේ විශේෂ නිරීක්‍ෂණයක නිරතවීමෙන් පසුව පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත බවයි.
ඒ අනුව පළමු අදියර සඳහා මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළා.
එසේම රෝහලේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසනවා.
අමාත්‍යවරයා එහිදී වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතා වෙත උපදෙස් ලබාදී ඇත්තේ රෝගී ප්‍රතිකාර විදිමත්ව කරගෙන යාමට රෝහලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණවල ලේඛනයක් කඩිනමින් තමන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.