තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල ප්‍රදේශයෙන් හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද සොයාගෙන තිබුණා.
පොලීසිය පැවසුවේ ඒවා T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ බවයි.
එහි T-56 හිස්කොපු 15,000කට ආසන්න සංඛ්‍යාවක් හා T – 56 ජීව උණ්ඩ රැසක්ද පවතින බවයි පොලීසිය සදහන් කලේ.
මුදුනේගම ප්‍රදේශයේ වගුරු බිමක පතොරම් තොගයක් ඇති බවට තඹුත්තේගම පොලීසියට ප්‍රදේශවාසියකු කළ දැනුම්දීමකට අනුව මෙම හිස් කොපු සහ ජීව උණ්ඩ තොගය අද උදෑසන සොයා ගෙන තිබුණා.
මෙම හිස් පතොරම් කොපු සහ පතොරම් රැසක් දිරාපත්ව තිබෙන බවද වාර්තා වනවා .
ඒවා වසර කීපයකට පෙර අදාළ වගුර බිමට දමා ඇති බවට සැක පළ කරක බවයි පොලීසිය පැවසුවේ.
යුධ හමුදා හෝ පොලිස් අභ්‍යාස විද්‍යාලයන්හී පුහුණුව ලැබීමට යොදා ගන්නා උණ්ඩ වල හිස් කොපු තොගයක් මෙලෙස වසර කීපයකට පෙර ගෙනැවිත් දමා ඇති බවට සැක පවතින බව ප්‍රදේශවාසීන් සදහන් කළා.
මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.