තඹුත්තේගම ක්‍රීඩාංගණය A ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක් බවට සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමක් මත තඹුත්තෙගම ක්‍රීඩාංගණය A ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට රජයෙන් කටයුතු කරන ලෙස තමාද ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයට කොළඹට සමාන පහසුකම් ලබාදීම සහතික කිරීමට රජය පියවර ගන්නා බවද ඒ මහතා කියා සිටියා.
එසේම කොළඹ ක්‍රිකට් තිබුණද එය අනුරාධපුරයට පැමිණීමට කාලයක් ගත වූ බවද පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ කොළඹට සේම අනුරාධපුරයටත් සමාන වරයක් ලබාදෙන්න මැදිහත් වෙන බවයි.
ගල් කණු උස්සපු යෝධයන්ගෙන් ඉතිහාසයක් ඇති අනුරාධපුරයෙන් යෝද හයේ හතරේ පහරවල් ගහන කොල්ලෝ කෙල්ලෝ ටිකක් ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ දකින්නටද තමන් කැමැති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ.