ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා.
ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව අද සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.