තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා.
ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම නිවේදනය බලාත්මකයි .
ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතය ගිනිකොනදිග අරාබි මුහුද හරහා ඊසාන දෙසට ආසන්නව ගමන් කිරීමට ඉඩ ඇති බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් අදාළ නිවේදනයේ දැක්වේනවා.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.










