මත්ද්‍රව්‍ය සමග දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් මේ වනවිට වැදගත් කරුණු රැසක් හෙළි වී තිබෙනවා
මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් 6දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඔවුන්ගෙන් මෙම තොරතුරු අනාවරණ කරගැනීමටයි පොලීසියට හැකිව ඇත්තේ.
හලාවතින් මුහුදු ගොස් ඇති එම ධීවරයින් අතර, මාතර ගන්දර ප්‍රදේශයේ ධීවරයෙකු ද සිටි තිබෙනවා.
ඔවුන් පොලීසියට පවසා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ඉරාන බෝට්ටුවකින් තමන්ට ලබාදුන් බවයි.
එමෙන්ම ‘අයියා‘ ලෙසින් හඳුන්වන සමගි ජන බලවේගයෙන් පන්නල ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙක් ඔවුන්ට ලක්ෂ 25ක මුදලක් ද මේ සදහා ලබා දී තිබුණා.
තවද ඔහු බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් පහසුකම් ලබාදුන් බවත් ධීවරයින් පාපෝච්ඡාරණය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ..
කෙසේ නමුත් එම පුද්ගලයාද මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට පතිව තිබෙනවා.
ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහා ක්‍රියාත්මක වන පරිදි සමගි ජන බලවේගය විසින් අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
පොලීසිය සැකකරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැති පුද්ගලයාට අයත් බවයි.
මෙම යාත්‍රාවෙන් රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 115ක් සොයාගැනීමට හැකි ව තිබුණා.
ඊට අමතරව එහි ගිනිඅවි 2ක් සහ ඊට භාවිතකරන මැගසින් 02ක්ද එහි තිබී සොයාගනු ලැබුවා.
උණුසුම් පුවත්
- අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
- කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
- ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
- නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
- ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
- ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්












