තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී තවත් පුද්ගල මළ සිරුරු දෙකක් අද(22) සොයාගෙන තිබෙනවා.
ඒ එම නිවසේ සිටි අයෙක් ඊයේ(21) හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියයාමෙන් පසුව පොලිසිය විසින් අද(22) පෙරවරුවේ අදාළ නිවස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීයි.
ඒ අනුව එම සිදුවීමේදී මේ වන විට පුද්ගලයන් තිදෙනෙක් මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නිවෙස අල්තැවඩියා කරමින් තිබූ නිවසක් බවත් ඒ ආසනයේ ලොරි රථයක් නවතා තිබූ බවත් වාර්තාවනවා.
එම නිවස අසල නවතා තිබූ ලොරි රථයේ තිබී අයිස් මත්ද්‍රවය අඩංගුව පැකට් 10ක්ද පොලිසිය විසින් සෙයාගෙන තිබෙනවා.
සිද්ධියෙන් මියගිය දෙදෙනෙකු සිරුරු නිවසේ තිබියදීත් අනෙක් පුද්ගලයා රෝහලේදිත් මියගොස් තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් රස පරීක්‍ෂණයක් සිදු කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.