චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ මෙරට මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
මෙම පිරිස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීන සංවර්ධන බැංකුව ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කරනු ලබනවා.